local database එකක් පාවිච්චි කරනවා නම් SQLite DB (sqflite package එක හෝ floor හරි moor වගේ packages පාවිච්චි කරන්න පුළුවන්) එක පාවිච්චි කරන්න. එතකොට DB එක file එකක් විදිහට update කරන්න පුළුවන්. නැතිනම් online database එකක් පාවිච්චි කරන්න firebase වගේ DB API එකක් නැත්තම් mysql, mongoDB වගේ server DB එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි DB එකට direct access දෙන්න එපා. app එකට වෙනම backend එකක් හදලා API call කරලා data access දෙන්න. නැත්නම් කතරගම ගිහිල්ලා database එක වෙනුවෙන් බාරයක් වෙලා එන්න.